කඩාවැටුණු යානයේ කලු පෙට්ටිය හමුවේ

අනතුරට පත්වූ ඉතියෝපියාවට අයත් බෝයිං 737 මැක්ස් එයිට් යානයේ කලූ පෙට්ටිය හමුවී තිබෙන බව විදෙස් වාර්තා පවසනවා.

ඒ සමග යානය කඩා වැටුනු ස්ථානයේ තිබීයදී නියමු කුටියේ හඬ පටිගතකරණය සහ ඩිජිටල් දත්ත පටිගතකරණය ද හමුව තිබෙනවා.

යානය අනතුරට පත්වුණේ ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි අගනුවර බලා පියාසර කරමින් තිබියදීයි.

ගුවන් ගත කර මිනිත්තු 6ක පමණ කාලයකින් පසුව කඩා වැටුනු මෙම යානය පසුව ගිනිගෙන පුපුරා ගොස් තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *