උපදින සෑම දරුවෙකුම රෝහලෙන් පිටව යාමට පෙර ශ්‍රවණ පරීක්ෂණයක්

උපදින සෑම දරුවෙකුම රෝහලෙන් පිටව යාමට පෙර ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊයේ දිනට යෙදුණු ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මේ බව ප්‍රකාශ කළා.

එහිදී ශ්‍රවණ ආබාධ සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිතාරා දිසානායක ද මාධ්‍ය හමුවට එක්වුණා.

ඇය සදහන් කළේ කෝට්න් බට්න්, යතුරුකටු වැනි දෑ කන් ශුද්ධ කිරීම සඳහා භාවිත නොකළ යුතු බවයි.

ඒ සඳහා ටිෂූ කඩදාසියක් උපයෝගී කර ගන්නා මෙන් ඇය සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *