අතුරුදන්වූ ඉන්දුනීසියා යානය ‘විනාශ වූ හැටි ගැන ලැබුණු’ ඇසින් දුටු සාක්ෂිය

ඊයේ අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන් යානය මුහුදට කඩා වැටී ඇතැයි බොහෝ දුරට සාක්ෂි පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බෝයිං 737 වර්ගයේ මෙම යානය අතුරුදන්වී තිබුනේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුවයි.

අතුරුදන්වීමට මොහොතකට පෙර යානය විනාඩියක් තුල අඩි දස දහසකින් පහළට වැටී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා.

මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයන් සඳහන් කර ඇත්තේ තමන්ට දැවැන්ත පිපිරීමක ශබ්දයක් ඇසුනු බවයි.

යානය අනතුරට ලක්වන ආකාරය තමන් දුටු බව ධීවර කටයුතු සඳහා යමින් සිටි යාත්‍රාවක සිටි පිරිසක් ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් එම යාත්‍රාව මෙහෙයවන්නා වහාම ගොඩබිමට පැමිණි බව ද ඔවුන් සඳහන් කළා.

අකුණක් පුපුරා යන ආකාරයෙන් යානය මුහුදට වැටී පුපුරා ගිය අතර එය තම යාත්‍රාවට ඉතා ආසන්නව සිදුවූ බවයි එම ධීවරයන් පෙන්වා දී ඇත්තේ.

එහි කැබලි තම යාත්‍රාවේ පවා වැදුනු බව ඔවුන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබෙනවා.

යානය පිටත්වීමට පෙර සිදු කෙරෙන පරීක්ෂාවන්වලදී එය හොඳ තත්වයේ පැවති බව ශ්‍රී විජය ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශකර තිබෙනවා.

ඉන්දුනීසියාවේ තුන්වන විශාලතම ගුවන් සමාගම ලෙසට සැලකෙන්නේ මෙම ගුවන් සේවයයි.

එමගින් ඉන්දුනීසියාව ද ඇතුලුව රටවල් කිහිපයක ගමනාන්ත 53කට මාසිකව ගෙනයන මගීන් සංඛ්‍යාව 950000කට අධිකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *