බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු පිරිසකට නිදහස

මේ වන තෙක් බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසට නියෝග කර තිබෙනවා.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණා.

විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඇය නැවත වරක් දේශපාලනය නොකරන බව බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *