ගෝඩා වලට වැටුණු සුරාබදු නිලධාරියා පිළිස්සෙයි- වැටලීමේ ඡායාරූප මෙන්න

ජා-ඇල, මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඊයේ (20) සමත් වුණා.

මෙම වැටලීමේදී පලා යාමට උත්සාහ කළ සැකකරුවෙකු පසු පස හඹා ගිය සුරාබදු නියාමකවරයෙකු උණුසුම් ගෝඩා වලකට වැටීමෙන් පිළිස්සුම් තුවාල ලැබුවා.

දින 03 ක් පුරා සිදු කරන ලද සූක්ෂම තොරතුරු සොයා බැලීමකින් අනතුරුව ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේ මුතුරාජවෙල වගුරු බිම ආසන්නයේ පවත්වාගෙන ගිය දැවැන්ත කසිප්පු නිෂ්පාදනාගාරය වැටලීමට සුරාබදු නිලධාරීන් සමත් වුණා.

කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇත්තේ ඇළ මාර්ගයක් ආසන්නයේ වන බැවින් එය තරණය කර වැටලීම කිරීමට සුරාබදු නිලධාරීන්ට අපහසු කටයුත්තක් වී තිබුණා.

එම ස්ථානයේ තිබී නිෂ්පාදනය කරන ලද කසිප්පු බෝතල් 1800 ක්, ගෝඩා ලීටර් 7500 ක් අඩංගු බැරල් 30 ක්, තඹ දගර 15 ක්ද වැටලීමේන් බාරයට ගත්තා. ඒ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුද සමගින්. කසිප්පු ඇතුළු භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 20 කට අධික බවයි වැටලීම කළ නිලධාරීන් කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *