වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ වීරසේකරගම ප්රදේශයේ වගා කර තිබූ ගංජා හේනක් වැටලීමට වැල්ලවාය පොලිසිය සමත් වී තිබෙනවා.
ඒ facebook සමාජ ජලයේහි පල කර තිබූ සෙල්ෆි ජායාරූපයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකදීයි.
මෙම ගංජා හේන අක්කර කාලක භූමි ප්රදේශයක ඉතා සරුවට වගා කර තිබී ඇති අතර එහි අඩි 08කට ආසන්න උසකින් යුතු ගංජා ගස් තිබූ බව පොලීසිය සඳහන් කළා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ පහලොවකට අධික බවයි වැල්ලවාය පොලිසිය පවසන්නේ.
මෙම හේන වගා කල සැකකරු වයස අවුරුදු තිස් හයක පුද්ගලයකු වනවා.