මාකඳුරේ මධුෂ් බවට සැක කළත් ඒ ඔහු නොවේ.. ඇත්තම කෙනා අපහසුතාවයට පත් වෙලා

මාකඳුරේ මධුෂ් පසුගිය කාලයේ දී ලංකාවට පැමිණ හෝටලයක සිටින බවට සැක ඇති කරමින් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කර තිබුණා.

අමල් පෙරේරා සහ රයන් සමග එම පුද්ගලයා ගීත ගයන වීඩියෝවක් මෙලෙස ප්‍රසිද්ධ කර තිබුණේ මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබාගත් ඡායාරූපයක් සමග සංසන්දනය කරමිනුයි.

මෙලෙස මාකඳුරේ මධුෂ් ලෙස සැක කරමින් ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු මේ සමග සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තමන් ඇතුළු පවුලේ පිරිස මෙමගින් අපහසුතාවට පත්වූ බව සඳහන් කර තිබෙනවා.

“මෙම දින කිහිපය තුල මා ඉතා අපහසුතාවයකට පත්ව සිටී,මීට මාස කිහිපයකට පෙර Amal Perera , Rayan Van Rooyen හා තවත් මිතුරන් කිහිම දෙනෙක් සමග Colombo Hilton,හෝටලයේ දී ගත් වීඩියෝ පටයේ Amal Perera සමග සිටින්නේ මාකදුරේ මදුශ් ලෙස මා උලුප්පා පෙන්වා ඇත,එයින් මාත් මාගේ බිරිඳත් දරු දෙදෙනාත් ඉතා අපහසුතාවයකට පත්ව සිටී,පහත මා විසින් පල කරන ලද මොවුන් ගැන ඔබ දන්නා යමක් ඇත්නම් කරුණාකර ඒ බව මා හට දැනුම් දෙන්න” යනුවෙන් එම සටහනේ සඳහන් වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *