අම්බලන්තොට නගරය සහ ඒ අවට ප්රදේශ කිහිපයකට මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ එකම පවුලේ මව, දියණිය සහ මුණුපුරෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මත්කුඩු ගෙන්වා ගැනීම සඳහා බැංකුවට මුදල් බැර කිරීමට පැමිණි අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඔවුන් ලඟ තිබී රුපියල් 74,000 ක් මුදලක් ද සොයා ගෙන තිබෙනවා.
මීට පෙර ද මොවුන්ට මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.