වසංගතයින් පසු සාගතයක්

ආහාර හිඟයක් ඇති වීමට කිසිදු අවකාශයක් නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම මේ ගැන කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාතශ්‍යාංශ සමග මුදල් අමාත්‍යාංශ‍යේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශ විසින් නිශ්පාදන ආර්ථිකයට අදාළ අතිරේක ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇතැම් පිරිස් ආහාර හිඟයක් මවා පෙන්වමින් රටේ ජන සමාජය නොමග යවන්නට ගන්නා උත්සාහයක් පිළිබඳව කරුණු දක්වමිනි. ඔහු පවසන ආකාරයට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙම මුදල් වෙන් කර තිබේ. එහිදී සම්පූර්ණ මුදල් එක්වර ලබා නොදෙන අතර කාර්තුවෙන් කාර්තුව අදාළ ව්‍යාපෘතීන්හි සාර්ථක භාවය සැළකිල්ලට ගනිමින් මුදල් නිකුත් කරන්නට නියමිතය. දේශීය නිශ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිළකට ඒවා ලබාදෙන පිලිවෙතක් අනුගමනය කරන ලෙස එහිදී අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

කෙසේවෙතත් පසුගියදා ඇමති බන්දුල සඳහන් කලේ ලෝක ප්‍රවණතාවයට අනුව වසංගතයකට පසු සගතයක් එන බවයි එහිදී ඔහු සඳහන් කලේ බඩු මිල වැඩි කරන්නේ කිසිදු කැමැත්තකින් නොවන බවය වැඩි වී බඩු මිල ට එරෙහිව මේවන විට ජනතාව සිය විරෝධතාවය දක්වමින් සිටිති. එහිදී ජනතාව පවසන්නේ අහාර හිගයක් ලෙස බඩු මිල ඉහල යාමත් සමඟ සාගතයකට මුහුණ දිමග සිදුවී ඇති බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *