පොහොර ඉල්ලා පකිස්තානයේත් ගොවි උද්ඝෝෂණ

පකිස්තානයේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පොහොර හිගයට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බොහොන්ග්, රහීමාබාද් , නවසාබාද් වැනි ප්‍රදේශවල ගොවි ජනතාව මෙම විරෝධතා ව්‍යාපාරවල නිරත වූ බවයි.

අවශ්‍ය පොහොර නොමැතිකමෙන් තම වගාවන් විනාශ වී ඇති බව උද්ඝෝෂණවලට සම්බන්ධ වූ ගොවි ජනතාව ප්‍රකාශ කළ බව විදෙස් වාර්තාවල දැක්වේ.

ජල හිගය මෙන්ම ගොවීන් පීඩාවට පත් කරන නීති සම්බන්ධයෙන් ද මෙහිදී විරෝධය පළ වූ බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published.