ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදී අද (19) පැවති තරගයකදී වේගවත් ශතකයක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් වුණා. ඒ, සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිවයි.
එන් සී සී ක්‍රීඩා සමාජය නියෝජනය කළ දිනේෂ් චන්දිමාල් එහිදී පන්දු 62 කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. ඊට හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් එන් සී සී කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 ක් දැවී ලකුණු 196 ක් රැස් කිරීමට සමත් වුණා.
එම ඉලක්කය හඹා ගිය සැරසන්ස් ක්‍රීඩා සමාජයට නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 9 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 149 ක් පමණයි. මෙම තරගය කොළඹ එන් සී සී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.