ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154ට දැවී ගියා.
දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 222ක් රැස්කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ල කුණු 68ක් පසු පසින් සිටින අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 42ක් රැස්කලා.
……………….
පළමු දිනයේම ලංකාවට කඩුලු 3ක් අහිමි වෙයි
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමවන විට සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 60ක් ලබා සිටියා.
ඒ,දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු 222ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
……………………………………..
දකුණු අප්‍රිකාව 222කට සීමා වෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 222 කට සියලුදෙනා දැවී ගියා.
එහිදී ඒඞ්න් මාක්‍රම් (60) සහ ක්වින්ටින් ඩි’කොක් (86) අර්ධ ශතක ලබාගත් අතර විශ්ව ප්‍රනාන්දු සහ කසුන් රාජිත කඩුලූ 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.