වෙයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ දෙපිරිසක් අතර දරුණු ගැටුමක් – පීරකින් ඇනලා පස් දරු පියෙක් මරුට

අගලවත්ත, වෙයන්ගල්ල මුස්ලිම් ගම්මානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී ලෝහ ආවුද මුවහත් කිරීමට ගන්න පීරකින් ඇනීමෙන් තුවාල ඇබූ 58 හැවිරිදි පස්දරු පියෙක් මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගිස් තිබෙන්නේ පන්නිලහේන, වෙයන්ගල්ල, අගලවත්ත පදිංචි බුහාරි මුස්තාපා නැමැති අයෙක්.

මිය ගිය අය හා අ අසල්වැසියන් පිරිසක් සමග පසුගිය 08 වෙනිදා සවස කිසියම් බහින් බස් වීමක් සිදු වී ඇති අතර පසුව එදිනම රාතියේ මියගිය පුද්ගලයාගේ නිවසේ නවතා තිබූ ත්‍රී රෝද රථ දෙකක වැසි ආවරණ කිසියක් අයෙක් විඩින් කපා දමා තිබුනා. ඒ පිළිබඳව 09 වෙනිදා උදෑසන නැවත දෙපිරිස අතර බහිම් බස් වීමක් සිදු වී එය දුර දිග යාමෙන් මියගිය බුහාරි මොහොමඩ් නැමැත්තාට පීරකින් ඇනීම නිසා තුවාඅල ලබා රෝහලට ගෙන ගොස් ඇති අතර ඔහු රෝහලට ඇතුල් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වෙන්නේ.

මෙම මරණය පිළිබඳව සැකපිට මුස්ලිම් ජාතික පිරිමි දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකුද පහර දුන් බවට සැක කෙරෙන පීරද අගලවත්ත පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *