අද බස්නාහිර ඉන්ධන පිරවුම්හල් ‘විවෘතව තැබෙන්නේ’ මෙලෙසයි

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ඉන්ධන පිරවුම්හල් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එක් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3ක් විවෘතව තැබීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සදහන් කරනවා.

රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *