මාළිගාව ආසන්නයේ ‘උඩරට නිළමේ ඇඳුමින් සැරසී’ සමලිංගික චිත්‍රපටයක් රූ ගත කරලා (VIDEO)

විදේශිකයන් දෙදෙනෙකුට සාම්ප්‍රදායික නිළමේ ඇඳුම් අන්දවා මහනුවර දළදා මාළිගාව ආසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ වාර්තා චිත‍්‍රපටයක් රූපගත කිරීම නිසා එහි උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

සමලිංගික විවාහයක් පදනම් කර ගත් වාර්තා චිත්‍රපටයක් මෙහිදී රූගත කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

මහනුවර අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයමිපති හිංකෙන්ද ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් මෙම ස්ථානයට පැමිණ විරෝධය පළ කර තිබුණා.

පසුව මහනුවර පොලිසියේ නිලධාරින් පැමිණ මෙම විදේශීය පිරිසගේ ආරක්ෂාව සඳහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුළට රැගෙන ගොස් තිබෙනවා.

මෙම වාර්තා වැඩසටහන එංගලන්තයේ නිෂ්පාදනයක් වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *