හෝමාගම ගිනිගත් නිවසේ පිළිස්සුම් තුවාල ලබා සිටි බාලම දියණියත් මිය යයි

හෝමාගම, මාගම්මන නිවසක පසුගිය 25 වැනිදා ඇති වූ ගින්නෙන් පිළිස්සී ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද ඊයේ (03) මිය ගිය බව කහතුඩුව පොලිසිය පවසයි.

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මෙසෙ මියගියේ රිතුෂි රණසිංහ නමැති දැරියකි.

ගින්නට හසුවීමෙන් එම පවුලේ පියා එදිනම (25) මියගිය අතර මව ඊට පසුදින (26) මියගියාය. මවගේත් පියාගේත් අවසන් කටයුතු සිදුකළ 28 වැනි දා වැඩිමහල් දියණිය මියගියාය.

මේ අනුව එම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

පොලිසිය පවසන්නේ නිවසේ කාමරයක් තුළ පෙට්‍රල් ගඩා කර තිබීි ඒ හේතුවෙන් ගින්න ඇතිවී තිබෙන බවට විශ්වාස කරන බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලිසිය විසින් සිදුකරයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published.