දක්ෂිණ ඇධිවේගී මාර්ගයේ බවුසරයක් ගිනි ගනී

කොට්ටව සිට මීටියාගොඩ දක්වා ගමන් ගනිමින් සිටි ඉන්ධන පිරවූ බවුසරයක් ඊයේ (10දා) දක්ෂිණ ඇධිවේගී මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් ගිනි ගෙන තිබෙනවා.

දක්ෂිණ ඇධිවේගී මාර්ගයේ කිලෝමීටර 66.9 කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ තෙල් බවුසරය පසු කර මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී වාහන දෙක එකෙනෙකට ගැටීමෙන් බවුසරයේ රියදුරු තම වාහනය වම් පැත්තට ගැනීමේදී මාර්ගයෙන් ඉවතට පැන ගල් තලාවක ගැටීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන ඇතැයි පොලීසිය පවසනවා.

අනතුරෙන් රියදුරා සහ සහායකයා තුවාල ලබා ඇති අතට ඔවුන් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *