තාත්තා කුසගිනි දරා ‘තමන්ව ලංකාවේ පළමුවැන්නා කළ හැටි කියමින් සියල්ලන්ම හැඬ වූ’ ආනන්දයේ පුතා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අනුව සිසුන් එක්ලක්ෂ අසූඑක් දහස් එකසිය විසි හය දෙනෙකු සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර අපොස උසස් පෙළ විභාගයට අයදුම්කරුවන් තුන්ලක්ෂ තිස්හත්දහස් හාරසිය හතර දෙනෙකු පෙනීසිටියා.

ගණිත මාධ්‍යයෙන් මෙවර දිවයිනේ පළමු ස්ථානය දිනා ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා සිසුවායි.

මොරටුවේ කොරවල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු තමන් පැමිණි ගමන් මග පිළිබඳව පළමු වරට ප්‍රකාශයක් කරමින් සියල්ලන්ගේම දෑස් තෙත් කරනු ලැබුවා.

තාත්තා කුසගින්නේ සිටිමින් තමන්ට කන්න දුන්න අයුරුද සිහි කරමින් ඔහු කියා සිටියේ මෙලෙස දිවයිනේ ඉහළම ලකුණු ලබන්නට තමන් උත්සහ කළේ දෙමාපියන්ට සතුටක් ලබා දීමට බවයි.

“මම මොරටුවේ කොරවල්ලේ.
අපි ලොකු පන්තියක කට්ටියක අය නෙමේ.
තාත්තා විඳපු දුක මට කිව්වේ නෑ.
මම නමුත් දන්නවා.
තාත්ත මට කන්න දුන්නට එයාට කන්න නැති අවස්ථා තිබ්බා.
මට ඕනි වූණේ මොරටුව කැම්පස් යන්න විතරයි.
අම්මට වගේම තාත්තට සතුටක් සහ ගරුත්වයක් දෙන්නේ තමයි මම රෑන්ක් එකක් ගන්න උත්සාහ කළේ.
මම මේක අවස්ථාවක් කර ගන්නවා ඒ දෙන්නට පින් දෙන්න.”

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.