උසස් පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථාන

උසස් පෙළ විභාගයේ ගණිතය, කලා, වාණිජ සහ ජීව විද්‍යා යන අංශවල දිවයිනේ පළමු ස්ථාන මේ වන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා.

වාණිජ අංශයේ ප්‍රථමයා බවට පත්වූයේ ගාල්ල – සංඝමිත්තා විද්‍යාලයේ අමන්දි ඉමාෂා මදනායක සිසුවියයි.

එමෙන්ම, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ කොළඹ – රාජකීය විද්‍යාලයේ ප්‍රවීන් විජේසිංහයි.

ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය චාවකච්චේරිය – හින්දු විද්‍යාලයේ ධනරාජ් සුන්දර්භවන් විසින් හිමි කරගෙන තිබෙනවා.

කලා අංශයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ දෙහිවල – ප්‍රෙස්බිටිරියන් බාලිකා විද්‍යාලයේ චමල්කා සෙව්මිනී ශිෂ්‍යාවයි.

එමෙන්ම ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමස්ථානය හිමිකරගෙන ඇත්තේ ද හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ සුසික සදසර ශිෂ්‍යයායි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *