ෆොන්සේකාට සහ පාලිත රංගේ බණ්ඩාරට අමාත්‍ය තනතුරු

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකුට අමාත්‍ය තනතුරු ලබාදීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහ පාලිත රංගේ බණ්ඩාර පිළිබඳවයි.

ඔවුන් දෙදෙනාට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට අමාත්‍ය ධුර කිහිපයක් දරණ අමාත්‍යවරුන්ගෙන් ඒවා ඉවත් කොට යෝජනා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් සඳහා එම අමාත්‍ය ධුර ලබාදීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *