පානදුර, පල්ලිමුල්ල ප්රදේශයේදී අද (25) උදෑසන සිදුවු වෙඩි තැබීමෙහි දර්ශන අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීම සිදුකර ගිනිඅවියක් අතැතිව පළා යන අයුරු එම වීඩියෝ වේ සටහන්ව තිබෙනවා.
ටී – 56 ගිනි අවියක් උපයෝගි කර ගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති අතර සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ හිසට හානි වී තිබුණා.
මෙලෙස මියගොස් ඇත්තේ ධීවර රැකියාව කරන පුද්ගලයෙකු වන අතර පුද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් පානදුර දෙසට පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබෙනවා.
වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේ එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් ද පැමිණ තිබුණා.