ජල ගාස්තු සංශෝධනයේ දී වතු ජනාවාසවල ජීවත් වන ජනතාව හා සමෘද්ධිලාභීන් සඳහා සහනදායී ක්‍රමවේදයක් අනුගමනය කරන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාත පවසයි.
ගෘහස්ත ජල පාරිභෝගිකයන්ගෙන් බහුතරයක් මසකට ඒකක 15කට අඩු ජල පරිභෝජනයක් සහිත පිරිසක් වන අතර, ඔවුන්ගේ ජල ගාස්තුව සියයට සියයක අධික ප්‍රමාණයකින් ඉහළ දැමෙන බව ඔහු සඳහන් කරයි.
පාසල් සහ ආගමික ස්ථානවලින් අය කෙරෙන ජල ගාස්තු ද සංශෝධනය කර ඇති බව ohuඅවධාරණය කරයි.
“මේ සංශෝධනයේ දී සමෘද්ධිලාභීන් සඳහා සංශෝධනයක් වෙන්නේ නෑ. විශේෂයෙන්ම වතු ජනාවස හා පැල්පත්වාසීන් ඉවත් කරලා තට්ටු නිවාස ලබාදුන්න අඩු ආදායම්ලාභීන් සඳහා අපි සමෘද්ධි ගාස්තුවමයි අය කරන්නේ. එතකොට ඇත්තටම ජල ගාස්තු අඩුවීමක් සිද්ධ වෙනවා සමෘද්ධිලාභීන් හා වතු ජනාවාස ජනතාව සඳහා. ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ගෙන් 62%ක් ඉන්නේ ජලය ලීටර් 15,000ක් යුනිට් 15ක් හෝ ඊට අඩුවෙන් පාවිච්චි කරන ජනතාව. ඒ අයට ජල ගාස්තුව වැඩිවෙන්නේ, කලිං තිබුණේ රුපියල් 812ක් වගේ ප්‍රමාණයක් 2022 ජල ගාස්තු සංශෝධනයෙන්. දැං 1,700ක විතර ප්‍රමාණයක් වැඩි වෙනවා 106%ක විතර ප්‍රමාණයකින්. රජයේ පාසල් සඳහා කැබිනට් තීරණයක් ජූනි 26 වෙනිදා අපිට ලැබිලා තියනවා. ඒකට අනුව 1988 සිට අපි පාසල්වලට ලැබෙන ජලය නොමිලේ ලබාදුන්නේ. 2023 ජූනි 26 වෙනිදා කැබිනට් තීරණයට අනුව අපි දීලා තියනවා දවසට ලීටර් 400ක් වැඩි කිරීම ඉන්න සංඛ්‍යාවට. උදාහරණයක් විදියට 1,000ක් ඉන්නවා නම් 400 වැඩිකිරීම 1,000 ලක්ෂයක් දීලා තියනවා. ඒකට අදාළ ගාස්තුව අපි මහාභාණ්ඩාගාරයෙන් ලබාදෙනවා. 400 ඉක්මවා යනවා නම්, ඒකට පාසලෙන් ගෙවීමක් කරන්න වෙනවා. ආගමික ස්ථාන සහ පාසල් එකම අනුපාතයකින් තියෙන්නේ. 50%ක් ජල ගාස්තු සංශෝධනය වෙන්නේ, ඒකක 05ක් ලීටර් 5,000ක් පාවිච්චි කරන ජනතාවට. අපිට ජල ඒකකයක් නිෂ්පාදනය කරන්න, ජලය ලීටර් 1,000ක් හදන්න රුපියල් 140ක් වැය වෙනවා. ඒත් අපි පාරිභෝගිකයාගෙන් අය කරන්නේ ඊට වඩා අඩු මුදලක්.”