ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවේ සිට චීනයට සද්දේ දැමීමෙන් ලංකාවේ බැඳුම්කර වටිනාකම පහතට.. විදෙස් ණය ගෙවීම බරපතළ අර්බුදයකට – රොයිටර්ස් වාර්තාව මෙන්න

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර චීනයට චෝදනා කිරීමත් සමග අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර වටිනාකම විශාල වශයෙන් පහත වැටී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබූ ආකාරයට කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පහත වැටෙමින් තිබුණු ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල මුහුණත වටිනාකම පොම්පෙයෝගේ චීන විරෝධයත් සමග 40% දක්වා පහත ගොස් තිබුණා.

මේ නිසා ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගෙවීමද බරපතළ අර්බුදයකට ලක්වනු ඇතැයි රොයිටර් වාර්තාවේ දැක්වෙනවා.

සිය ආසියානු සංචාරය අතරතුර ශ්‍රී ලංකාවටද පැමිණි එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පසුගිය බදාදා (28 වැනිදා) ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමග පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චීනයට බරපතළ විවේචනයක් එල්ල කළා.

චීන කොමියුනිස්ට් පක්ෂය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ගිලගන්නා විලෝපිකයකු (Preadatior) ලෙස රාජ්‍ය ලේකම්වරයා හඳුන්වා දුන් අතර ආඥාදායකත්වය, අවනීතිය සහ නරක ගනුදෙනු යන වචන යොදාගනිමින් ඔහු චීනයට දැඩි​ ලෙස පහර එල්ල කළා.

එක්සත් ජනපදයේ ප්‍රකට මූල්‍ය සේවාවක් වන ‘ට්‍රෙඩ් වෙබ්’හි දත්ත උපුටා දක්වමින් රොයිටර් වැඩිදුරටත් අනාවරණය කර ඇති ආකාරයට එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ බදාදා ප්‍රකාශයත් සමග ඇමරිකානු ඩොලර් 2022 කාණ්ඩයේ බැඳුම්කර ‘ශත 50ක’ අගයකින් පහත වැටී තිබෙනවා.

මීට අමතරව 2025, 2026, 2027 සහ 2028 යන කාණ්ඩවල බැඳුම්කර සීමාවන් සියල්ල ‘ශත 55’ බැගින් පහත වැටී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *