අගමැති මහින්දට විදෙස් නායකයන්ගෙන් සුබ පැතුම්

 

මෙවර මහ මැතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා අත්කරගත් විශිෂ්ට ජයග‍්‍රහණය සම්බන්ධයෙන් විදෙස් නායකයන් විශාල පිරිසක් සුබපැතුම් එක්කොට තිබෙනවා..

අද (08) සවස අරලිය ගහ මැදුරේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී ඇති ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ සුබ පැතුම් අගමැතිවරයා වෙත පිරිනමා තිබුන..

එමෙන්ම ඉදිරියටත් ලංකාවට ආධාර උපකාර කරන බවද වෙයි මහතා සදහන් කොට තිබෙනවා.

එමෙන්ම අද (08) පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුබ පැතුම් පළ කර තිබේ.

නැවත වරක් අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ඉදිරි ධූර කාලය තුළ දෙරටේ ද්වි පාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.

මීට අමතරව මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි. මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ කියයි.

මෙවර මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් ජයග‍්‍රහණය වෙනුවෙන් අමෙරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද මීට පෙර සුබ පැතුම් එක්කර තියෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *