හම්බන්තොට වන විනාශයට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පැවරීමට පියවර

හම්බන්තොට, තඹරව ප්‍රදේශයේ වන විනාශය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, තම දෙපාර්තමේන්තුවට අයත් අක්කර 20 කට අධික ප්‍රමාණයක් එලෙස විනාශ කර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යාංශය මෙන්ම දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

වන විනාශය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද ප්‍රාදේශීය වන සංරක්ෂණ නිලධාරින් ක්‍රියා නොකළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර කෙසේ වෙතත් විනාශයට ලක්වූ භූමි ප්‍රදේශය යාල වනෝද්‍යානයට හෝ එහි ප්‍රේරණ කලාපයට අයත් නොවන බවද වනජිවි දෙපාර්තමේන්තුව පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *