කැළෑ හොරු වන නිලධාරීන්ට පහර දීලා.. නිලධාරීන් රෝහලේ .. පරිසර ඇමතිගේ බිරිඳ සම්බන්ධ ලු

වනාන්තරයක් අනවසරයෙන් එළිකිරීම වැළක්වීමට ගිය වන නිළධාරීන් පිරිසකට මැර කණ්ඩායමක් පහරදී තිබෙනවා.

පහර කෑමට ලක්වූ නිලධාරීන් මේවන විටත් අනුරාධපුරය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙම නිලධාරීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වන නිළධාරීන් විසින් අනුරාධපුරයේ දී සාමකාමී විරෝධතාවක් පවත්වනු ලැබුවා.

එම අවස්ථාවට පැමිණි පාහියන්ගල ආනන්ද සාගර හිමි ප්‍රකාශ කළේ වත්මන් පරිසර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ගේ බිරිඳ ද අදාළ සිදුවීම පිටුපස සිටින බවට තොරතුරු හෙළි වී ඇතැයි බවයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *