කුඩු විකුණන හිටපු හමුදා කර්නල් පාපොච්ඡාරණයක..රට වටෙන්ම අල්ලයි – බිරිඳ කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියක්

මහරගම පොලිස් ස්ථානය මඟින් ඉකුත් 10 වැනිදා රාත්‍රියේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විශ්‍රාමික කර්නල්වරයා ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලද රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමේදී කර්නල්වරයාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සගයන් තිදෙනෙක් ඉකුත්දා මහරගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවින්න, ඉසිපතනාරාම පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ යුද හමුදා කර්නල්වරයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අනිවාර්ය විශ්‍රාම ගැන්වූ පුද්ගලයෙක් බවත් අනුරාධපුර සාලියපුර වී.ආර්. හමුදා අනුඛණ්ඩය යටතේ සේවය කර ඇති බවත් පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණයේදී තහවුරු වූ බව පොලිසිය පැවසුවා.

හතළිස් හතර වැනි වියේ පසුවන විවාහක පුද්ගලයකු වන මේ කර්නල්වරයාගේ බිරිය අගනුවර ප්‍රධාන පාසලක ගුරුවරියක් බවත් මෙම යුවළට දරුවන් නොමැති බවත් කර්නල් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලැබූ අයකු මෙන්ම තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් පොලිසිය සඳහන් කළා.

කර්නල්වරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව පොලිසියට කළ පාපෝච්චාරණයේදී විදෙස් සංචාරකයන් ප්‍රවාහනය කරන ආයතනයක රියැදුරකු වශයෙන් සේවය කරන සමඟි මාවත, පොහොරන්ගස්වැව, දඹුල්ල යන ලිපිනයේ පදිංචි පුද්ගලයකුගෙන් ලැබෙන බවට ලද තොරතුරු අනුව සිදුකළ මෙහෙයුමේදී එම පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් දහයක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීමට උපයෝගි කරගන්නා ත්‍රිරෝද රථය සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා.

මෙම පුද්ගලයාටද මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් හට පන්නිපිටිය – තලවතුගොඩ බස් මාර්ගයේ පිහිටි ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමඟ තරුණ පුද්ගලයන් දෙදෙනෙක් යතුරුපැදියක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියා සිටියා.

එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙක් ගෝනහේන, හේනේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා ගොඩිගමුව, උස්සාපිටිය, අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොවුන් වයස අවුරුදු 28 හා 35 අතර පසුවන්නන් බවත් මෙම පුද්ගලයන් විසින් ලබාදෙන හෙරොයින් මත්කුඩු දඹුල්ලේ පදිංචි පුද්ගලයා හරහා ත්‍රිරෝද රථයෙන් කර්නල්වරයාට ලබාදෙන බවත් එලෙස ලැබෙන මත්කුඩු කර්නල්වරයා විසින් මහරගම හා අවට ප්‍රදේශවලට බෙදාහරින බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.අනාවරණය කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *