කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී ඩී අබේරත්න අත්අඩංගුවට

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී ඩී අබේරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අහසට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළවයි.

හොරණ බොරළුගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුකර ඇති බවට හොරණ පොලිසියට පණිවුඩයක් ලැබී තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ෂණවලදී හෙළිවුයේ ප්‍ර දේශයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය පිස්තෝල අවියෙන් වෙඩි තැබීම සිදුකළ බව යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පසුව සිදුකළ විමර්ෂණවල දී හෙළිවුයේ මොහු කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක පී ඩී අබේරත්න මහතා බවයි.

මෙම මන්ත්‍රීවරයාට අයත් ඉඩමක් බලා ගැනීම සදහා යුවළක් නැවතී සිට තිබෙනවා. එම යුවළට පිටස්තරයන් ගෙන්වා නොගන්නා ලෙස මන්ත්‍රීවරයා දන්වා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මන්ත්‍රීවරයා ඉඩම වෙත යන අවස්ථාවේ පිටස්තර පිරිසක් සිටිනු දැක ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති නමුත් ඉන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

හොරණ පොලිසිය මගින් මෙම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුනා. ඔහු අද දිනයේ දී හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *