විනිසුරු නිවසේ පොලිස් නිලධාරියාට ‘තර්ජනය කළ’ හිටපු ඇමති පුතා අත්අඩංගුවට ගනී

කුරුඳුවත්ත  පොලිසිය විසින් හිටපු අමාත්‍ය අතාවුද සෙනවිරත්නගේ  පුත්‍රයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුදුවත්තේ පිහිටි විනිසුරු නිවසක ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනුයි.

එම විනිසුරුවරයාගේ නිවස අසල අදාල හිටපු අමාත්‍ය පුත්‍රයා වාහනයක් නවතා ගෙන තිබූ අතර එසේ නොකරන්නැයි පොලිස් නිලධාරියා පැවසීමත් සමග ඔහු පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා විනිසුරුවරයාට සහ පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුව ගැනීම සිදු කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *