වැලිකඩ හිටපු OIC දැන් ASP – පාඨලී නිසා අත්අඩංගුවට ගැනීමට නියෝග

වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, සුදත් අස්මඩල අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට අද (01) දැනුම් දී තිබෙනවා.

ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මතයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න සඳහන් කළේ වරෙන්තුවක් ලබාගෙන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා මෙලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *