රිවෝල්වරයක් සහ උණ්ඩ සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ රැසක් සමඟ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගත් පුවතක් කල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පුත්තලම විශේෂ කාර්ය බලකා නිළධාරින් විසින් අද (02) අලුයම මෙම පුද්ගලයා අත්ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකාවේ නිශ්පාදිත රිවොල්වරයක් සහ එයට යොදන මිලිමීටර් 7.9 ජීව උණ්ඩ දෙකක්, හිස් පතොරම් කොපුදෙකක් සහ එම්.පි.එම්.ජී ජීව පතොරම් 01ක්, මිලිමීටර් 6.35 ජීව පතොරම් 07 ක්, මිලිමීටර් 7.65 ජීව උණ්ඩ 03ක්, 22 ජීව පතොරම් 03ක්, බෝර 12 ගිනි අවියට යොදන ජීව පතොරම් 08ක් සහ හිස් පතොරම් 22ක් ද සඟවා තිබියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි උඩප්පුව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *