චන්ද්‍රිකා උපන්දිනය සමරමින් ‘මහින්ද සහ මෛත්‍රීට ප්‍රසිද්ධියේම’ පීචං මන්ත්‍රී කියලා

මෙරට සර්වබලධාරී ජනාධිපති ධුරය දැරූ පසු තවත් පීචං මන්ත්‍රී කෙනෙක් ලෙස පාර්ලිමේන්තු යාමේ උවමනාවක් තමන්ට නැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා.

ජනාධිපති ධුරය දැරීමෙන් පසු නැවත අගමැති වීමේ ආශාවක් තමනට නැතැයිද ඇය පැවසුවා.

අද එම ධූරයන් ඉල්ලා සිටින ඇතැම් නායකයන් නිවාස වලට ගොස් විශ්‍රාම ගත යුතු වයසේ පසුවන අය බවත් ඇවිද ගන්නවත් බැරිව කොර ගහන අසනීප තත්ත්වයන් සහිත අය බවත් ඇය සඳහන් කළා.

එනිසා ඔවුන් විශ්‍රාම සුවෙන් නිවාස නිවෙස්වලට වී සිට අලුත් අයට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බවත් ඇය පැවසුවා.

හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියේ තම තම උපන් දිනය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති සැමරුමකින් පසු මාධ්‍ය අමතමිනුයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර පාර්ලිමේන්තුවට තරග කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *