වාහන අලෙවිසල්වලින් සියයට හතළිහක්ම වැසේ – මිළට ගන්න වාහනත් නෑ

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය නිසා මේ වන විට මෙරට වාහන අලෙවිසල්වලින් සියයට හතළිහක්ම වැසී ගොස් ඇතැයි මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කළා.

කොරෝනා සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය ඉකුත් මාර්තු 19 වැනිදා සිට නතර කිරීමට රජය තීරණය කර සිටියා.

මෙම තීරණය හේතුවෙන් වාහන ආනයනය නතර වීම නිසා සාමාන්‍ය මිලට වාහන මිලදී ගැනීමට වෙළෙඳපොළේ වාහන නැතැයිද සංගමයේ ලේකම්වරයා පවසනවා.

ඒ අනුව මේ වන විට වාහන අලෙවි අංගණවල ලියාපදිංචි නොකළ වාහන නොමැති බවද ඇතැම් ඒවායේ ලියාපදිංචි කළ වාහන එක දෙකක් පමණක් දක්නට ලැබෙන බවද කුලතුංග මහතා පැවසුවා.

මෙම කාරණය නිසා වාහන මිල ගණන් රුපියල් ලක්ෂ පහකින්වත් ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *