වන්දනාවේ ගිය හතරක් මරුට – තාත්තයි දුවයි ඒ අතර

හුංගම බටඅත ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී වන්දනා චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් තිබු පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් සිවු දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු බරපතල හා සුළු තුවාල ලබා රෝහල් ගත කල බව හුංගම පොලීසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනා කටයුත්තක් සදහා සහභාගී වූ අම්බලන්තොට නෝනාගම හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 25 කට ආසන්න ප්‍රමානයක් ගමන් කර ඇති බවත් ටිපර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර තිබෙනවා.

ටිපර් රථය හුංගම බට අත ප්‍රදේශයේම ව්‍යාපාරික පුද්ගලයෙකුට අයත් එකකි. අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබෙනවා.

අනතුරින් බස් රථයේ ගමන් ගත් නිශාධි සෙව්වන්දි නමැති අවුරුදු තුනක් වයසැති කුඩා දරියක්ද මියගොස් ඇති අතර ඇය ද නෝනාගම ප්‍රදේශයේම පදිංචිව සිට තිබෙනවා.අනතුරින් මිය ගිය බස් රථයේ රියදුරු රන්න වාඩිගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.