කොස්ගොඩ තාරක ඇතුළු සිව් දෙනෙකුට ඩෙංගු

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කීර්ති තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක ඇතුළු සිව් දෙනෙකුට ඩෙංගු වැළදී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

සැකකරුවන්ට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බවද වාර්තා වනවා.

එමෙන්ම, කොස්ගොඩ තාරක ඇතුළු සැකකරුවන් පිරිසකට මීට පෙර කොරෝනා වෛරසය ද ආසාදනය වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *