Sri Lanka Breaking News | TrueNews.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4ක් වැනෙන මතයක

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 18 දෙනෙකු එක් මතයක සිටියද හතර දෙනෙක් වැනෙන මතයක සිටින බව සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

එසේ එක මතයක නොසිටින්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මන්ත්‍රීවරුන් බව අමරවීර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මහ ලේකම්වරයා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීම සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ යුතු දේ ගැන කිසිවෙකුගෙන් උපදෙස් අනවශ්‍ය බවද කියා සිටියේය.

Be the first to comment on "ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 4ක් වැනෙන මතයක"

Leave a comment

Your email address will not be published.


*