ඉන්දියාවේ හිරවී සිටින ‘ලාංකිකයන් හතරකට’ කොරෝනා !

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

මෙලෙස එම වයිරසය ආසාදනය වී ඇත්තේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයට අයත් නුහා දිස්ත්‍රික්කයේ රැදී සිටි ලාංකික පිරිමි පුද්ගයින් සිව් දෙනෙකුටයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී තබ්ලිගි ජමාත් නැමැති ආගමික නිකාය මඟින් ඉකුත් මාර්තු මාසය පුරා පැවැත්වූ මෙම අගාමික උත්සවයට මෙම ලාංකිකයින් සහභාගී වී ඇති අතර එහිදී මෙම ⁣වයිරසය ආසාදනය වී ඇතියි එරට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන ඇතැයිද හින්දුස්තාන් ටයිම්ස් වාර්තා වේ වැඩිදුරටත් සදහන් කරනවා.

මෙම ලාංකිකයින් සිව් දෙනා නවදිල්ලියේ පැවති ආගමික උත්සවයට සහභාගී වීමෙන් පසු නුහා දිස්ත්‍රික්කයේ පල්ලා සහ රෙහ්නා නැමැති ගම්මාන දෙකේ පුද්ගලයින් කිහිප දෙනෙකුම සමීප ලෙස ඇසුරු කර ඇති බවට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් කරුණු තහවුරු කර ගෙන තිබෙනවා.

මොවුන් මාර්තු මස මුලදී ඉන්දියාවේ. නවදිල්ලි අගනුවර පැවැත්වුණු මෙම අගාමික සභාව සඳහා සහභාගී වූ. අතර ඉන්දියාව දවස් 21ක අගුලු දැමීමත් සමඟ එම පල්ලිය තුළ සිර වී සිටියා.

ඉන්දීය බලධාරීන් පවසන්නේ ඔවුන් සමාජ දුරස්ථභාවය අනුගමනය නොකිරීම නිසා වෛරසය පැතිර ගොස් ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *