අද රාත්‍රියේ සිට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් ගමන් යාමට අවසර නෑ

අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේදී ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් හෝ ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

එමෙන්ම අදාල කාලය තුලදී කඩ සාප්පු විවෘත කර තැබීම සම්පුර්ණයෙන් තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කළ හැකි බව සදහන්.

වෛද්‍යප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටත්, ඖෂධ බෙදා හැරීමටත් හැකි බවයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *