ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් වැසෙයි

ඉන්ධන හිඟයත් සමග ඉන්ධන පිරවුම්හල් 90% ක් පමණ අක්‍රියවී ඇතැයි සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ඩබ්ලිව්.එස්.ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්ධන ඇණවුම් ද නිසි පරිදි නොලැබෙන බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්දන ප්‍රවාහනය කිරීමට ඇණවුම් 80 ක් ලබාදී ඇතැයි ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, ලංකා IOC සමාගම ඉන්ධන පිරවුම්හල් 150 ත් 200 ත් අතර සංඛ්‍යාවකට ඉන්ධන ප්‍රවාහනයට අවස්ථාව ලබාදී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *