ළඟදීම ඉන්ධන මිල ඉහළට

ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ඉඟියක් අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී වෙළෙඳ අමාත්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් ලබා දුන්නේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ “සමස්ත ලෝක ජනතාව ඉන්නේ ඉතාමත් විශාල පිඩනයක. මේක ලෝක විනාශයක්. නැව් ගාස්තු කන්ටේනර් ගාස්තු සීග්‍රයෙන් වැඩි වෙලා. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රටේ නිෂ්පාදනය කරන භාණ්ඩයක් ලෝකයේ පවතින මිලට ගන්නට සිදු වෙනවා.

ඛනිජ තෙල් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැහැ. හෙට අනිද්දට තෙල් බැරලයක මිල රුපියල් 100 පයිනවා. එතකොට පරිප්පු ඛනිජ තෙල් ගෑස් සියල්ලේ මිල වැඩි වෙනවා. වසංගතයෙන් පසු ලෝකයේ හැමදාම ආවේ සාගතයක්. එනිසා මුළු ලෝකයේම නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි වෙලා මන්දපෝෂණය වැඩි වෙලා දුප්පත්කම වැඩි වූ වර්ෂය 2020-2021. ඉතින් දූපතක් වූ අපේ රටට එයින් ගැලවීමක් ලැබෙන්නේ නැහැ. අපි අකමැත්තෙන් තමයි ලෝක අර්බුදයට මුහුණ දීම සඳහා මිල ඉහළ දැම්මේ. ඛනිජ තෙල් ඇමතිතුමාට වැඩි මිලට ගෙනැල්ලා අඩු මිලට දෙන්න බැහැ. උදය ගම්මන්පිල මහතා පැවසුවා මාසෙකට කෝටි 1000ක් පමණ අලාභයක් විදිනවා කියලා” යනුවෙනි.

එමෙන්ම “අලාභ විදමින් ආයතනයක් ගෙනියන්නත් බැහැ කඩාගෙන වැටෙනවා. ඒ නිසා අවශ්‍යයෙන්ම එතුමාට මිල ගැලපුමක් සිදු කිරීමට සිදු වෙනවා. එය කවර අවස්ථාවකදී කරනවද කියන එක මුදල් අමාත්‍යංශය සාකච්චා කරලා බලයි” යනුවෙන්ද වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *