“සුරංගනාවියෝ දාලා ගියා” – දහස් ගණනක් හඬා වැටෙද්දී අක්කයි නංගියි අවසන් ගමනට නික්ම යන අයුරු (PHOTOS)

අසර්බයිජානයේ මහල් නිවාස තුළ ගින්නට හසුවී මියගිය සොයුරියන්ගේ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.

පට්ටියගේ මල්ෂා සන්දීපනී සහ පට්ටියගේ තාරුකී අමායා යන දෙසොහොයුරියන්ගේ අවසන් කටයුතු සඳහා පිළියන්දල බෝකුන්දර සිට මහවත්ත ප‍්‍රදේශය දක්වාම විශාල පිරිසක් රැස්ව සිටින බවයි වාර්තා වන්නේ.

අතුරු පාර ඔස්සේ මහවත්ත දෙස සිට සෙමින් සෙමින් අවමංගල්‍ය පෙරහැර ගමන් ගන්නා අතර දීපා නිල්මිණී සහ නිශාන් සංජීව දෙමාපිය යුවළ දැඩි සංවේගයකට පත්ව සිටිනා බවයි සඳහන් වන්නේ.

“මගේ සුරංගනාවියෝ අපිව දාලා ගියා’ කියමින් ඔවුන් හඬා වැටෙන අතර මිතුරු මිතුරියන්ද වේදනාවෙන් හඬා වැටෙනු දක්නට ලැබෙනවා.

පසුගිය වසරේ ජූලි මස 16 වැනි දින මෙම දෙදෙනා අසර්බයිජාන් වෙත ගොස් ඇති අතර වැඩිමහල් සොයුරිය තොරතුරු තාක්‍ෂණ පාඨමාලාවක්ද, බාල සොයුරිය විලාසිතා නිර්මාණ කරන පාඨමාලාවක්ද හදාරා තිබෙනවා.

 

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.