ප්‍රවීණ සහ ජනප්‍රිය ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02)සවස බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ඇයගේ දේහය මේ වන විට අංක 39/3, පාගොඩ පාර, නුගේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට පෙරවරුව දක්වා දේහයට අවසන් බුහුමන් දැක්වීමට ඇයගේ රසික රසිකාවියන්ට අවස්ථාව සලසා ඇතැයි ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා ප්‍රකාශ කළා.
ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය හෙට සවස 2.00 ට නිවසේ සිට කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානය වෙත ගෙන යනු ලබන අතර එහිදී අවමංගල්‍ය දිව්‍ය පූජාව පවත්වා අනතුරුව දේහය බොරැල්ල කනත්ත පොදු සුසාන භූමිය වෙත ගෙන යෑමට නියමිතයි.
මේ අතර දිවංගත එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සහ හිටපු විපක්ෂනායක ගාමිණී දිසානායක මහතාගේ බිරිය වූ අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මැතිනියගේ අවසන් කටයුතු අද (01) සවස බොරැල්ල කනත්තේදී සිදුකෙරෙනවා.
අවමංගල පෙරහර දේහය තැන්පත් කර ඇති කොළඹ විජේරාම මාවතේ අංක 6/1 දරන නිවසේ සිට සවස 2.00ට පිටත්වීමට නියමිතයි.
ශ්‍රීමා දිසානායක මැතිනියගේ අවසන් කටයුතු අද (01) සවස බොරැල්ල කනත්තේදී
ඇන්ජලීන් ගුණතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02)සවස බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී