එල්.ටී.ටී.ඊ සංවිධානයට මුදල් ලබාදුන් බවට ද චෝදනා එල්ල වූ, ඇමරිකාවේ දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වසර 11 ක සිරදඩුවම් නියම වී සිටි, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු පුරවැසියෙකු වන ගැලියොන් සමාගමේ ප්‍රධානී රාජ් රාජරත්නම්ට වසර දෙකකට පෙර නිදහස හිමි වී තිබෙනවා.
2011 වසරේදී ඔහුට වසර 11 ක සිරද`ඩුවම් නියම වූයේ සුරැකුම්පත් නීති උල්ලංඝනය කරමින් දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකිරීම හේතුවෙන්.
ගැලියොන් සමාගම ආරම්භ කිරීමෙන් පසු බිලියනපතියෙකු බවට පත්වූ රාජ් රාජරත්නම් සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය දීර්ඝ කාලීනව විමර්ශන සිදුකර තිබුණා.
පසුගිය වසරේදී සම්මත කර ගත් නව නීති ප්‍රතිපාදන අනුව වයස අවුරුදු 60 ඉක්මවූ සහ නිදන්ගත රෝගයකින් පෙලෙන පුද්ගලයින්ට නිවාස අඩස්සියේ සිර දඩුවමක අවසන් කාලය ගෙවීමට අවස්ථාව සැලසී ඇති බව සදහන්.
ඒ අනුවයි, වසර දෙකකට පෙර රාජ් රාජරත්නම්ට නිදහස ලැබී ඇත්තේ.