පිළියන්දල හුදකලා කිරීම ඉවත් කරන්න ගාමිණී ලොකුගේ ගේ ප්‍රකාශය අසත්‍යයක් – ලක්ෂ්මන් පෙරේරා කියයි

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් පිළියන්දල පොලිස් බල ප්‍රදේශය තුළ සිදු කළ හුදකලා කිරීම ඉවත් කිරීමට ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා මැදිහත් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව කැස්බෑව නගර සභාවේ සභාපති ලක්ෂ්මන් පෙරේරා මහතා පැවසුවා.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල පැතිර ගිය පුවත සම්බන්ධයෙන් අදහස් දක්වමින් නගරාධිපති වරයා මේ බව කියා සිටියේ.

දැනුම් දීමකින් තොරව එකවර වසා දැමීමට කටයුතු කිරීම හේතුවෙන් විශාල පිරිසක් නගරය කරා පැමිණීම හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය වනු ඇති බවට කළ නිගමනය මත නිසි අධීක්ෂණය මත තීරණය කරන ලෙස ගාමිණී ලොකුගේ මහතා ඉල්ලීමක් පමණක් කළ බව කියා සිටි ඒ මහතා සෞඛ්‍ය අංශ සහ බුද්ධි අංශ සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව පමණක් කොවිඩ් රෝගීන් කිහිප දෙනෙක් සිටි ප්‍රදේශ වල හුදකලා තත්ත්වය ඉවත් කිරීමට පියවර ගත් බවයි.

නගරාධිපති වරයා මේ බව කියා සිටියේ ඊයේ 05 කැස්බෑව නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.

මේ වනවිට ග්‍රාම සේවා වසම් 23න් 13ක් හුදකලා කර තිබෙනවා.

2020 මාර්තු මස 11 සිට මේ දක්වා කොවිඩ් රෝගීන් 1184ක් වාර්තා වී තිබෙනවා.

පසුගිය දින 14ක් තුළ රෝගීන් 730ක් වාර්තා වී තිබෙනවා.

ගාමිණී ලොකුගේ මහතා ගේ යෝජනාවක් අනුව පිලියන්දල රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට විශාල මුදලක් වෙන් කරමින් කටයුතු කළා.

වෑතර රෝහලද වෙන් කරමින් කටයුතු කරනවා.

හුදකලා කිරීම සීමා කෙරුනේ සෞඛ්‍ය නිර්දේශ අනුවයි.

ඇතැම් වසම් වල රෝගීන් හතර පස් දෙනෙක් නිසා ප්‍රදේශයම වසා දැමීම හේතුවෙන් ජන ජීවිත කඩා වැටෙනවා.මේ වනවිට නිවාස 15627ක් හුදකලා කර තිබෙනවා.

මේ අයට රුපියල් 5000 ක් බඩු මල්ලක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා රුපියල් කෝටි 08ක් පමණ වැය වෙනවා. කැස්බෑව සහ බෝකුන්දර එන්නත් 25000ක් ලබා දී අවසන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *