ICC මුල් පුටුවට ගංගුලි එන ලකුණු

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (අයි.සී.සී.) නව සභාපති තනතුර සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සව්රව් ගංගුලි ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති කොලින් ගේ‍ර්ව්ස් මීළඟ අයි.සී.සී. සභාපතිවරයා තෝරා ගැනීමේ සටනේ ගංගුලිගේ ප්‍රතිවාදියා බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් එළැඹෙන ජූලි මාසයේදී වත්මන් අයි.සී.සී සභාපති ශසන්ක් මනෝහර්ගේ නිල කාලය නිමා වීමෙන් අනතුරුව නව අයි.සී.සී. සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මේ අතර දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයද ගංගුලිගේ මෙම තීරණය සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබුණා.

අදාළ නිවේදනයට අනුව අයි.සී.සී.ය වැනි ආයතනයක ප්‍රධානියා ලෙස පැවැතිය යුතු ශක්තිමත් නායකත්ව ලක්ෂණයත්, මෙම අභියෝගාත්මක කාලසීමාවෙන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට රැගෙන යා හැකි දක්ෂ නායකත්ව ගුණාංගත් ගංගුලි සතුව පවතින බව එම නිවේදය මඟින් පෙන්වා දී තිබුණා.

තවද පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති තනතුරට පත්වූ ගංගුලි, අයි.සී.සී. මූල්‍ය සහ වාණිජ්‍ය සම්බන්ධතා කමිටුවේ ඉන්දීය නියෝජිතයා වශයෙන් කටයුතු කරමින් දැක්වූ විශිෂ්ට කාර්යශූරත්වයත් අයි.සී.සී. මුල් පුටුව වෙත තම සුදුසුකම වඩා තීව්‍ර ලෙසින් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් වශයෙන්ද ක්‍රිකට් ප්‍රවීණයෝ පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *