ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් ! – ජනාධිපති කමිටුවේ සාමාජික හෙළි කරයි

ගෑස් අනතුරු දින කීපයක් තළ අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුව ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් යැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරුයාම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සේවීමේ ජනාධිපති කමිටුවේ සාමාජික විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පුවත්පතකට සඳහන් කර ඇත.

ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සතුව තිබූ බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය පවරාගෙන තිබුණ ද එම අධිකාරිය කාර්යය ඉටුකර නොමැති බව කී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ගෑස්වල මේ වන විට ගන්දයක් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෑස්වල ගන්දයක් තිබිය යුතු බව ද සඳහන් කළේය.

ජනතාව පරණ ගෑස් ලිපම, පරණ රෙගියුරේටරය පාවිච්චි කරන්නේ නම්, ගෑස් බටේ වෙනසක් නැත්නම් ගෑස් සිලින්ඩරය පමණක් වෙනස් වූයේ නම් මෙම තත්වයට ප්‍රධාන කාරණය ගෑස් සිලින්ඩරයේ බවත් ගෑස් සම්බන්ධයෙන් වගකීම ආයතන හරතකට පැවරෙන බවත් විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා කීය.

ගෑස් ලිප් නිෂ්පාදනය කරන සමාගම් පරීක්‍ෂා කිරීමට කමිටුව කටයුතු කරන බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *