මුඛ ආවරණ නොපළඳින අය නිරෝධායනයට – පොලිසියට ලැබුණු අලුත්ම නියෝගය මෙන්න

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිරෝධායන රෝග වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපලඳින පුද්ගලයන්ගේ තොරතුරු රැස් කිරීමට පොලිස් මූලස්ථානය සූදානම් වනවා.

ඒ බව සඳහන් කරමින් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 25 දින සියලුම පොලිස් ස්ථානවලට ‘ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීමකින් තොරව ගැවසෙන තැනැත්තන්ට අවවාද කිරීම’ යන ශීර්ෂය යටතේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දිනවල ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැලඳීම සිදු නොකරන බවට සිදුකළ නිරීක්ෂණය නිසා මෙම නියෝගය නිකුත් කර තිබුණා.

එසේ මුඛ ආවරණ පැලඳීමකින් තොරව ප්‍රසිද්ධ ස්ථානයන්හි සැරිසරණ අයට මුල් අවස්ථාවේදී අවවාද කර, තම ලිපිනය, ගැවසුණ ස්ථානය, වේලාව ආදී සටහන් කර පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සඳහන් කළ යුතුයි. එසේ මුඛ ආවරණ නොපලඳින අය සම්බන්ධයෙන් රැස්කළ ​තොරතුරුවල සංඛ්‍යාත්මක වාර්තාවක් දිනපතා පෙ.ව. 9.00ට පොලිස්පතිවරයාටද යොමු කිරීමට නියමිතය.

මේ අතර ප‍්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපළඳින පුද්ගලයින් අද (28) සිට දින 14 ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

බොහෝ පිරිස් ප‍්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ නොපළඳින බවට පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ද කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ.

ඉකුත් 26 වැනිදා බස්නාහිර පළාත් තුළ පමණක් පුද්ගලයින් 19,000 කට අධික පිරිසක් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් 6,700 කට අධික සංඛ්‍යාවක් මුඛ ආවරණ පැළඳ නොසිටි බවයි.

You May also like

1 Comment

  1. Most of people in the buses and public places do not wear masks propery. They do not cover nose .some just wear it under the chin.Threewheel drivers are the most ignarant.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *