ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණා. පාර්ලිමේන්තු සංකීර්ණය හා ඒ අවට ප්‍රදේශ , ශ්‍රේෂ්ඨාධිකරණය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය , ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා හා පොලිස් මූලස්ථාන, අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය යන ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස නම් කෙරුණා. එමෙන්ම කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානය ,මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය, කොල්ලුපිටිය අරලියගහ මන්දිරයට ආශ්‍රිත ප්‍රදේශය, ආරක්ෂක ලේකම් වරයාගේ හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස පිහිටි ප්‍රදේශ ද අධි ආරක්ෂිත කලාප ලෙස නම් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *