ඇරැව්වල ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද රුපියල් කෝටි දෙසියක් පමණ වටිනා මැණික් ගල් කිහිපය මේ වනවිට විදෙස් ගත කර ඇති බව පොලිස් පරීක්ෂණවල දී හෙළිව තිබෙනවා.
කාන්තාවන්ගේ රහස් ස්ථානවල සඟවා එම මැණික් මෙරටින් පන්නවා මධුෂ් අතට පත් කැර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
දැනට ඩුබායි පොලිස් බාරයේ සිටින රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ බෑගයේ සඟවා මෙම මැණික් ඩුබායි හි සිටින මාකඳුරේ මධුෂ්ට ගෙන ගොස් දුන් බවටයි පසුගිය කාලයේ සැක කෙරුණේ.
මාකඳුරේ මධුෂ්ගේ අනුදැනුම මත දියමන්තිය සමග මෙම මැණික් ද සොරා ගනු ලැබුවා.