මධුෂ් අතට පත්වූ බව කියන ‘කෝටි 700ක දියමන්තිය හා මැණික්’ ඇත්තටම තියෙන තැන

පන්නිපිටිය, ඇරව්වල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කොල්ලකන ලද රුපියල් කෝටි 700ක් පමණ වටිනා දකුණු අප්‍රිකානු නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය ‘මාකඳුරේ මධුෂ්’ අතට පත්ව නැතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ සමීපතමයෙකු වන කැළුම් නොහොත් ‘කැවුමා’ භාරයේ මේ වන විට පවතින බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු පිරිසක් එම දියමන්තිය හා මැණික් තොගය පරීක්ෂා කරමින් සිටියදී, පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු ඇතුළු පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබුණා.

මෙම කොල්ලකෑමට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (01දා) ඇහැලියගොඩ, මෑවැල්ල ප්‍ර‘දේශයේදී ඇහැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත්තා.

අදාළ නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය පිළියන්දල, අලුත්පාරේදී මාකඳුරේ මධුෂ්ගේ ළඟම හිතවතෙකු වන කැලුම් නොහොත් ‘කැවුමා’ නමැත්තාට ලබාදුන් බවට එම සැකකරුවන් දෙදෙනා පොලීසියට පවසාතිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *